වව්නියාව – කූමාන්කුලම ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිල අසල සිදු වූ යතුරුපැදි අනතුරුකින් පුද්ගලයෙකු මියයාමත් සමග ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
ප්‍රදේශවාසීන් චෝදනා කළේ පොලිසිය විසින් අදාල යතුරුපැදිය ලුහුබැද පැමිණීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.
මෙහිදී පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබුණා.
කෙසේවෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිසිය සදහන් කළේ, යතුරුපැදිකරුවෙකු මාර්ගය අසල වැටි සිටින බවට ලද තොරතුරක් මත පළමුව එම ස්ථානයට රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් තිබු බවයි.
එහිදී එහි සිටි පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදීමත් සමග තවත් පොලිස් නිලදාරීන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ තිබෙනවා.
යතුරුපැදි අනතුරින් මෙලෙස මියගොස් තිබුණේ, 59 හැවිරිදි වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න