නීතිපති එලවන්නැයි අඛණ්ඩ විරෝධතා මාලාවක් දියත්වෙයි.!

නීතිපති පාරින්ද රණසිංහ එම ධුරයෙන් ඉවත් වනතුරු හෝ ඉවත් කරන තුරු විරෝධතා මාලාවක් ඇරඹීමට සංවිධානය වෙමින් ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේදී නීතිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන්නැයි පවසමින් විරෝධතාවයක් කොළඹදී පැවැත්වුනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබීම මීට හේතුවයි.

ලසන්ත වික්‍රමතුංගගේ දියණියද අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තෙන් දෝශාභියෝගයක් ගෙනැවිත් නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා කැදවා අදහස් විමසීමක් කර ඇති අතර, එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව තහවුරු කිරීමේදී හා යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇති විශාල වගකීම ඉටු කිරීමට අසමත් නම් එම පුටුවල වාඩිවී සිටීම තවදුරටත් පලක් නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපති පාරින්ද රණසිංහ කැඳවා ප්‍රකාශ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *