දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට.!

පසුගිය වසරේ දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ස්වාධින විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නැවතවතාවක් දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත් අඩංගුවට ගෙන ඇත.

යෝල් අත් අඩංගුවට ගැනීම සඳහා සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය ඊයේ (10) වරෙන්තුවක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා චෝදනාවට අදාළ සාක්ෂි විනාශ කරන සැක මතු වීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් කළ ඉල්ලීමක් මත යෝල් නැවතවරක් අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

හමුදා නිතිය පැනවීම හේතුවෙන් යූන් සුක් යෝල්ට සිය ජනාධිපති ධුරයද අහිමි වූ අතර ප්‍රථම වතාවට පසුගිය ජනවාරි මාසයේදී අත් අඩංගුවට පත්විණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *