ලලිත් කුගන් පරීක්ෂණ යළි අරඹයි.!

මානව ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවසීය.

දෙදෙනා අතුරුදහන්වී ඇත්තේ 2011 වර්ෂයේදී බව ද අමාත්‍යවරයා කීවේය.
මෙම නඩුව 2014 වර්ෂයේදී අවසන් වරට කැඳ වූ අවස්ථාවේදී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කළ බවත් මේ පිළිබඳ විමර්ශන වල ප්‍රගතියක් අත්පත් කරගෙන නැති හෙයින් වැඩබලන පොලිස්පති අලුතින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇති බවත් විජේපාල මහතා කීය.

එහි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය එම විමර්ශන ආරම්භ කරන බව ද ඔහු කීවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *