ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් අද (6) පස්වරුවේ කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම හමුව පස්වරු 2 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වේ.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිදුවීම මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න