ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව තීරුබදු පනවයි.!

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ.

ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *