තමිල් අරුසු පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් උත්සන්න වේ.. ප්‍රබලයෙකු පක්ෂය හැරයයි.!

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ (ITAK) අභ්‍යන්තර මත ගැටුම් තවත් උත්සන්න වීමත් සමගම මන්නාරම දිස්ත්‍රික්කයේ එම පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

පෙරේද (01) ඉල්ලා අස්වූ ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ භාණ්ඩාගාරික ටී.පරමජෝති මහතා එම පක්ෂයේ ඉතා පැරණි ජෙයෂ්ඨ ක්‍රියාකාරිකයෙකු වන අතර ඔහු කාලයක්ම මන්නාරම දිස්ත්‍රික්කය වෙණුවෙන් පක්ෂයේ සභාපති ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු රැසක්ම හොබවා ඇත.

ඔහු පක්ෂයේ මහ ලේකම්වරයාට ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂය තුළ විනයක් නොමැති බවත් සියලු දෙනාම උපදේශකයින් වී සිටීමත් නිසා තව දුරටත් තමන්ට එම පක්ෂයේ සිටීමට නොහැකි බවය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ප්‍රාදේශීය සභා පිහිටුවීමේදී අනුගමනය කළ ප්‍රතිපත්ති හා දේශපාලන නිර්ණායකයන් පක්ෂය විසින් ඊට පෙර ගන්නා ලද තීන්දු තීරණ නොවීම නිසා තමන්ට තම පාක්ෂිකයින්ට මුහුණ දීමේ හැකියාවක් නොමැති නිසා සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවද ප්‍රකාශ කොට ඇත.

ඉල්ලා අස්වූ භාණ්ඩාගාරිකවරයාගේ දුරකතනය ඔහු විසින් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට විසන්ධි කොට ඇති අතර ඔහු මන්නාරම නිවසේ නොමැති බවද ඔහු ගැන කළ සොයා බැලීමේදී දැන ගැනීමට ලැබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *