ලොකු පාතාලයෙක් ඕමානයේ සැඟව සිටියදී අල්ලයි..

පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම චූටි නැමැත්තා ඕමානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

මිදිගම චූටි ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන පවා නිකුත් කෙරුණු අයකු බව කියති.

නදුන් චින්තක හෙවත් හරක්කටා සහ මිදිගම රුවන් නමැති පාතාල නායකයන් සමග එක්වී කටයුතු කළේ යැයි කියන මිදිගම චූටි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිට පසු ඕමානයට පලා ගොස් සිටින්නකු බව පොලිසිය පවසයි.

නදුන් චින්තක නමැත්තා මැඩගස්කරයේදී ද මිදිගම රුවන් නමැත්තා ඩුබායි හිදීද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඉකුත්දා මෙරටට රැගෙන එනු ලැබූහ.

මෙම පාතාල නායකයන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් පසු මිදිගම චූටි නැමැත්තා ඕමානයට පලා ගොස් සැඟවී මෙරට සිටින ඔහුගේ ගෝල බාලයන් යොදවා දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන කිරීම් සහ ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *