මහපාරේ යකා නටපු අර්චුනාට චෝදනා ගොනුකරන්න උසාවිය නියෝග කරයි.!

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය පා, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනුකරන ලෙසට අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කේ. ජයවීරට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (03දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇප මත මුදාහැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා යන අයද ඊයේ දින විවෘත අධිකරණය හමුවේ පෙනීසිටියේය.

යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයක් පදවමින් සිටියදී අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා රථ වාහන නීති උල්ලංඝනය කරමින් බැනවැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *