කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඊයේ (ජූනි 29) පුළුල් විමර්ශනයක් ආරම්භ කළේ ය.
ඒ, එම පුද්ගලයා විසින් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුපිරි වාහන 3ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.
රුපියල් කෝටි 5කට ආසන්න වෑන් රථ දෙකක් සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථයක් මෙම ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඒ සමග ම මෙම ජාවාරම්කරු අතුරුදන්ව සිටින බව එම ඒකකය කියයි.
වෑන් රථ දෙක පානදුර මිල්ලනිය ප්‍රදේශයේ නිවාස දෙකක සඟවා තිබී ඇති අතර ජීජ් රිය බණ්ඩාරගම ප්‍රදේශයේ ගරාජයක තිබී නිලධාරීන් සොයාගෙන ඇත.
නීති විරෝධී ලෙස විදෙස් රටකින් ගෙන්වන ලද කොටස් එකලස් කර සකසා මෙම රථවල වැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර ව්‍යාජ ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට ඇතුළත් කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.
මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබූ බව එම ඒකකය සඳහන් කරයි.
මොහු සන්තකයේ තවත් මෙවන් වාහන ඇති බව කියන එම ඒකකය මෙම ජාවාරමේ මහ මොළකරු සැකකරු බව ද විශ්වාස කරයි.
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ උදය කුමාරගේ අධීක්ෂණය මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
- මව්බිම



ප්‍රතිචාරයක් ලබාදෙන්න