ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් බිලියනයක ග්‍රාම සංවර්ධන වැඩසටහන් අරඹයි.!

ග්‍රාම සංවර්ධන, සමාජ අරාක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ග්‍රාම සංවර්ධන කාර්යංශය මගින් මේ වසර (2025) තුල රුපියල් බිලියනයක ග්‍රාම සංවර්ධන වැඩසටහන් දීපව්‍යාප්තව දියත් කිරීම පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ අනූව මාතලේ අංකන්ද ග්‍රාමය හා දිග්ගල ග්‍රාමය යා කරමින් සුදු ගඟ හරහා ඉදිකර තිබේන සංගිලි පාලම රුපියල් මිලියන 7.9ක වියදමින් ප්‍රතිසංකරණය කිරීම ආරම්භ කෙරුණේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, ග්‍රාමීය සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂිකා නාලිකා පියසේන මහත්මිය, මාතලේ දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම්, මාතලේ ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටිහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *