අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාස 5කදී සැකකරුවන් 31ක් අත්අඩංගුවට.!

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාස පහක් ඇතුළත සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම වසරේ පළමුවැනිදා සිට මැයි (31) වැනිදා දක්වා කාලය තුල සිදුකල වැටලීම් මගින් පොලිස් නිළධාරින් පමණක් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 4 දෙනෙකු, කොස්තාපල්වරු දෙදෙනෙකු ඒ අතර වන බවත් විදුහල්පතිවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *