ශානි නැවතත් මුල් පුටුවට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික ජන බලවේගය රජය පත්වීමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබේ.

මේ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

අම්පාවිල මහතාද අතිවිශිෂ්ඨ විමර්ශකයෙක් වන අතර මීට පෙර අම්පාවිල මහතා ශානි අබේසේකර මහතා යටතේ සේවය කර තිබීම විශේෂත්වයක්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *