ගාල්ල මහ නගර සභාවේ බලයත් මාලිමාවට.!

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය විසින් හිමිකරගෙන තිබේ.

ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණි.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනාවා ද එසේත් නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසුමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඝණ පූර්ණය සහිතව පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 19ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සභිකයා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත්වුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *