රජයේ ගොවිපළවල් විදේශ සමාගම් සඳහා ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.
රාජ්‍ය අනන්‍යතාවය තබාගෙන මෙරට ව්‍යවසායකයන් ඒවායේ ආයෝජන සඳහා සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙරට සියලුම ගොවි බිම් සශ්‍රීකත්වයට පත් කළ යුතු බවත් ඒ සඳහා රජය මැදිහත් වෙන බවත් අවශ්‍ය වන්නේ නම් දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කරන ලදී.



ප්‍රතිචාරයක් ලබාදෙන්න