මනූෂගේ සහෝදරයාගේ තවත් හොරවැඩ ගැන පැමිණිලි පෝලිමේ එයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදුකර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26ක් ලැබී ඇති බවය.

මෙම මූල්‍ය වංචා සම්බන්ධව කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් පැමිණිලි ලබාදීම සදහා ලබාදී ඇති විශේෂ දුරකතන අංකය හරහා තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු සදහන් කරයි.

රුපියල් ලක්ෂ 30 මුදලක් වංචා කිරීම සම්බන්ධව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව පසුගිය (28) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු, ලබන (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *