මනූෂගේ දේපළ රාජසන්තක කරන්නැයි ඉල්ලයි.!

කම්කරු හා විදේශ සේවා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විදේශ රැකියා ලබාදීමේදී අයථා මුදල් උපයා ඇති බවට එල්ලවන චෝදනා හේතු කරගෙන ඔහුගේ වත්කම් සොයා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලික් ගොනුකර ඇත.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ සේවා අමාත්‍ය ධූරය අවභාවිත කොට විදේශ රැකියා ලබාදීමේ දී ජනතාවගෙන් නීතීවිරෝධීව මුදල් උපයා ඇති බවත්, ඔහුගේ සහෝදරයා විදේශ සේවා අමාත්‍යාංශයේ අමාත්‍ය ලේකම්වරයකු වශයෙන් සේවය කළ අතරතුර දී වංචනිකව විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කර ඇති බව සහ ඔහුගේ ගිණුම් වල කෝටි 27 ක් මුදලක් ඇති බව අනාවරණය වී ඇති බව ද අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමනත තුෂාර පවසයි.

මනූෂගේ සහෝදරයා දැනට රක්ෂිත බන්ධනාගාරතව සිටින අතර, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මේ සඳහා ඝෘජු දායකත්වය ලබා දී ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් මගින් මේ පිළිබඳව රටේ ජනතාවට අවබෝධ වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එමනිසා මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ වත්කම් සොයාබලා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද ඔහු කියයි.

හිටපු ඇමති මනුෂ නානායක්කාර දූෂිත ලෙස උපයාගෙන ඇති දේපල වත්කම් රාජසන්තක කර රජයට පවරා ගන්නා ලෙසත්, ඔහු අයථා වත්කම් උපයා ඇත්නම් නීතිය ක්‍රියාත්මක කර ඔහුට දඩුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා, සිය සංවිධානය මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *