ලොකු පැටී කුදලාගෙන එන්න හදයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

ලොකු පැටී නොහොත් සුජීව රුවන් කුමාර නැමැත්තා බෙලරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවට විවිධ වාර්තා පසුගිය දිනවල පලවිය.

එහෙත් ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ලොකු පැටී මෙරටට ගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *