ක්‍රිෂ් ව්‍යාපෘති ප්‍රවර්ධකයා ඉන්දියාවේ දී අත්අඩංගුවට.!

ක්‍රිෂ් ව්‍යාපෘති ප්‍රවර්ධකයා බව පැවසෙන අමිට් කට්යාල් නමැත්තා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති අතර කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතිය ද ඒ අතර වෙයි.

වාර්තාවන්හි දැන්වෙන්නේ කොළඹ නගරයේ අක්කර හතරක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බවය.‍

නීත්‍යානූකූලව උපයාගත් මුදල් යයි හඟවමින් ශ්‍රී ලංකාවේද ආයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *