පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙක් ලෙස නම්කරමින් පවරා තිබෙන ක්‍රිෂ් නඩුවට අදාළව විමර්ශන අවසන් ද නැද්ද යන්න පිළිබඳ අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (12දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කර ඇත.
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව එම නඩුව පවරා තිබේ.
එම නඩුවට අදාළ නඩු ගොනුව මහාධිකරණයට යොමු කර ඇති බැවින් පරිශීලනය කිරීමට නඩු ගොනුව නොමැති බවත් ලබන මාර්තු මස 26 දින වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න