හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අයත් ජංගම ගිණුමක් සහ ස්ථාවර තැන්පතු ගිණුමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇත.
එම ගිණුම්වල දළ වශයෙන් රු. මිලියන 20ක් පවතින බවත් සඳහන් ය.
දූෂණ මර්දන පනත යටතේ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ගිණුම් දෙක දින හතකට අත්හිටුවා තිබූ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම අත්හිටුවීම දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව කොමිසම සඳහන් කළේය.
මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට සහ තවත් ඥාතීන්ට අයත් වත්කම් කිහිපයක් දැනට පවතින විමර්ශනවල කොටසක් ලෙස අත්හිටුවන ලදී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න