හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය අප්‍රේල් මස 02 වැනිදා දක්වා තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
එම නියෝගය අදින් අවසන්වීමට තිබූ අතර, අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම කොමිසම සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න