කතරගම දේවාලයේ ඉඩම් හුටපටයක්…

කතරගම දේවාලයට අයත් අක්කර 550 ක ඉඩමක් බදුගත් පෞද්ගලික සමාගමක් එම ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දීම නිසා අදාළ පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වහාම අහෝසි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම බුත්තල ප්‍රදේශයේ පිහිටි අදාළ ඉඩම තෙවැනි පාර්ශ්වයට ඍජුව බදු දීමට තීරණය කර ඇත. මෙම ගනුදෙනුවේ ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දුන් පෞද්ගලික සමාගම රත්‍රන් හා සම්බන්ධ ව්‍යාපාර කරන්නන් වන අතර තෙවැනි පාර්ශ්වය කෙසෙල් වගාවට සම්බන්ධ ප්‍රකට සමාගමකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මේ සම්බන්ධව ලද මහජන පෙත්සමක් බෞද්ධ කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් පසු මෙම සිද්ධියට විහාර දේවාලගම් පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙත උපදෙස් දී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *