වාරියපොල දී කඩාවැටුණු ජෙට් යානයෙන් පැන පුහුණු නියමුවන් දෙදෙනා දිවි බේරාගනී.!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි.

යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *