“සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් නම් කරනු ලැබ සිටින බව එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එකම මන්ත්‍රීවරයා වනුයේද ජීවන් තොන්ඩමන් වන අතර ජීවන් තොන්ඩමන් පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
පසුගිය මහ මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට එක්සත් ජාතික පක්ෂයේ බහුතර අපේක්ෂකයෝ සංඛ්‍යාවක් තරග වැදුණාහ. ඒ ආකාරයට තරග කළේ එක්සත් ජාතික පක්ෂ සහ සෙසු හවුල්කාර පක්ෂ අතර ඇති කරගත් එකඟතා ගිවිසුම්වලට අනුවය. සෙසු පිරිස නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා තරග කළේ එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණෙනි.
එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කළ අපේක්ෂකයන් අතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජීවන් තොන්ඩමන් මහතා පමණක් බැවින් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කිරීමට හවුල්කාර පක්ෂ අතර ඒකමතික එකඟතාවක් ඇති කර ගෙන තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න