IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ජනපති අනුරට සුබ පතයි.!

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ.

එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය ‘X’ ගිණුමෙන් දන්වා සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *