ඉන්දියානු ආධාර වැඩසටහන යටතේ වතුකරයේ නිවාස 4,700ක් මේ වසරේ ඉදිකිරීමට අපේක්ෂා කරන බව වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
වතුකරයට ලබාදෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම නිවාස ඉදිකෙරෙන බවයි වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.
නිවාස ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී මීට පෙර දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත කටයුතු කර ඇති බව වාර්තා වූ නමුත් එම ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සිදුකරන බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල පදිංචි පවුල් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පළකළේ, පාර්ලිමේන්තුවේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න