සජබ කොළඹ නගාරාධිපති අපේක්ෂකයා එරාන්ලු.!

2025 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය.

ඇය එහිදි පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න එම නගර සභාවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පක්ෂය තුළ යෝජනා වී ඇති බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *