ක්‍රිබ් එකට ගිය ව්‍යාපාරිකයන්ට විශාල සහනයක්.!

පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය මාස 3 දක්වා රජය දීර්ඝකර ඇති පසුබිමක රුපියල් මිලියන 25ට අඩු ප්‍රාග්ධන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීමේ සහන කාලය මාස 12කින් දීර්ඝ කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යහගතකරණය කරගැනීමට වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවත්, තමන් ගත් ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමෙන් ඉදිරියට යාමට ඔවුන්ට කාලයක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කරයි.

මිලියන 25 සිට මිලියන 50 දක්වා සිටින ව්‍යාපාරික ප්‍රජාවට මාස 9ක කාලයක් දීර්ඝකර ඇති බවද, මිලියන 50කට වඩා වැඩි පිරිසට පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය මාස 3කින් අවසන් වූවද තවත් මාස 3ක සහන කාලයක් හිමිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *