හරීන්ලා ‘ස්මාර්ට් යූත්’ සංගීත සංදර්ශන තියන්න කෝටි 32ක් වියදම් කරලා – පරීක්ෂණයක් කරන්න නියෝග.!

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ‘ස්මාර්ට් යූත්’ නමැති සංගීත සංදර්ශන මාලාවක් වෙනුවෙන් රු.323,393,249ක මුදලක් වැයකර ඇතැයි අනාවරණය වේ.

අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගනණයකදී මේ බව හෙළිවී ඇති අතර, එම ප්‍රසංග මාලාව මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, දඹුල්ල, යාපනය සහ මහියංගනය ඇතුළු නගර 14කදී පවත්වා ඇත.

එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ, එවකට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යටතේය.

මිය අදාළ සම්පූර්ණ වාර්තාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා ඇතැයි වාර්තා වේ.

මෙම අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විෂය භාර නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *