හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශන ඇරඹෙයි.!

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු පෙරේදා (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණි.

ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන
කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර ඊයේ (15) දින විමර්ශන ආරම්භ වූ බව පොලීසිය පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *