ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති චමින්ද කුමාර වීරසූරිය සදහන් කරන්නේ නව සේවා ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාවට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඉදිරි අයවැය මගින් ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවද සම්මත වූ බවත් ය.
ඒ අනුව වසර 61ක් පැරණි ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යෝජනා සහිත ගැසට්ටුව නුදුරේදීම එළිදකිනු ඇති බවට විශ්වාස කරන බවද එම සංගමයේ සභාපති චමින්ද කුමාර වීරසූරිය සදහන් කරයි.
සභාපති චමින්ද කුමාර වීරසූරිය වැඩිදුරටත් පවසන්නේ එම අදාළ සියලුම යෝජනා සම්බන්ධයෙන් සති දෙකකට වරක් සාකච්ඡාවක් පැවැත්වීමටත් ජනපති උපදෙස් පරිදි විෂය භාර අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න එකඟතාව පළ කළ බවත් ය.
ග්‍රාම නිලධාරී සාමාජිකයන්ට බලපාන ගැටලු පිළිබඳව හා නව සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා පසුගිය කාලය පුරාම උද්ඝෝෂණ, වැඩ වර්ජන, උපවාස, විරෝධතා පැවැත්වුවද ඊට විසඳුම් කිසිවක් නොලැබුණු බවද ඔහු පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න