ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් 2ක් අල්ලයි.!

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකපිට උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරු මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් සැකකරු වන්නේ නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුව ද අත්අඩංගුට ගෙන ඇත්තේ ඉහත චෝදනාව යටතේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *