2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ.
ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති අතර, වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් වේ නම්, ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවස්ථාව පවතින බව සඳහන් වේ.
ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්කවල වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න