අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවනු ඇති බැවින් ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂමෙව ක්‍රියාත්මක කරගැනීමටත් මෙහි අරමුණ වී තිබේ.
එමෙන්ම පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව නොයොකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙම ඒකකය ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව මෙහි ඇති පළමු කාරණය ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය පරීක්ෂණ විමර්ශන යනුවෙන් නව තනතුරක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් කල් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ඊට ඉහළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති අතර ඔහු යටතේ මූල්‍ය අපරාධ විමර්ශන දිශාව වශයෙන් නව දිශාවක් ද ආරම්භ කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න