මනූෂත් අද CIDයට.!

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට අද(17) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ ඔහුට පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට දැනුම් දී ඇත.

කෙසේ වුවද, මෙම දැනුම්දීමෙන් පසු මනූෂ නානායක්කාර විසින් ඊයේ දිනයේ දී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ද ඉදිරිපත් කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *