මනූෂගෙන් CIDය ප්‍රකාශයක් ගන්න සූදානමින්.!

කම්කරු සහ විදේශ කටයුතු හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ, විදේශ රැකියා ලබා දීමේදී සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ අනුව මනූෂ නානායක්කාරගෙන් ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ෆීන්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර ද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *