රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසයි.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියගියේය.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව කථානායකවරයා වෙත ඊයේ ඉදිරිපත් කෙරිණි.
විෂමාචාරය, බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු විවිධ චෝදනා මෙම යෝජනාවට ඇතුළත් කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න