විදේශීය ආයෝජකයන් තම ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ බදු සහ මූල්‍ය හැකියාවන් පිළිබඳ වාර්තා වැඩි වැඩියෙන් ඉල්ලා සිටින බව ඉහළ පෙළේ බදු උපදේශක සමාගම් පවසයි.
බදු උපදේශන සමාගම් දෙකක් විසින්ම ඒ බව තහවුරු කර ඇති අතර, දේශපාලන ස්ථාවරත්වය සහ රටේ බොහෝ දේ සමථයකට පත් වී ඇති බැවින් තව තවත් විමසුම් ලැබෙමින් පවතින බව එම සමාගම් සඳහන් කරයි.
එම සමාගම්වලට අනුව ලබන වසර වන විට ආයෝජන කිහිපයක් මෙරටට පැමිණිය හැකිය.
මේ අතර අලෙවි කිරීමට නියමිතව තිබූ ඇතැම් හෝටල් නවීකරණය කර නැවත මෙහෙයුම් ආරම්භ කරමින් සිටින බව හෝටල් හිමියෝ පවසති.
සංචාරක සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මෙම පියවරයන්ට එළඹ තිබේ.
සංචාරක සංඛ්‍යාව වැඩිවීම ඔවුන්ගේ මෙහෙයුම් කරගෙන යෑමට නව ප්‍රබෝධයක් ලබා දී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් මිලියන 2 ඉක්මවා ගොස් තිබිණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න