මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවැළැක්වීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපනය කර මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවැළැක්වීම සඳහා කටයුතු කරනා ලෙස එහිදී අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී ඇත.
එම පරිශ්‍රයන් තුළ දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව වැඩපිළිවෙලක් සකස්කිරීමට ජනපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න