ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වේ.
දැනට ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීම එම මූල්‍ය පහසුකම යෙදවෙන බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව මේ බව සඳහන් කර ඇත.
මෙය ශ්‍රී ලංකාවට සපයා ඇති මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකම බවත් අනාවරණය වේ.
2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න