ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්ය.
මේ අතර එම සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරී ගිනිඅවිය ද සමග ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වීමේ සිදුවීමක් වාර්තා වුණි.
අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න