ලංකාවේ මේ වන විට හොර සුරා පැතිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබීම නිසා එයට විකල්පයක් වශයෙන් අඩු මුදලට ප්‍රමිතියෙන් යුතු නව මත්පැන් බෝතලයක් හදුන්වාදෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා ප්‍රකාශ කළේය.
නව මත්පැන් බෝතලය ලබන වසරේ අප්‍රේල් මාසය වන විට වෙළෙඳපොළට හදුන්වාදෙන බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මුදල් අමාත්‍යංශයේ ද අනුමැතිය ඇතිව ප්‍රමිතියෙන් උසස් තත්ත්වයේ මත්පැන් බෝතලයක් මෙලෙස හදුන්වාදෙන්නට පියවර ගන්නා බව ද හෙතෙම කීය.
සුරාබදු ආදායම සියයට 30 කින් අඩුවන්නට හේතුව නීතිවිරෝධී මත්පැන් බව, ඒ සම්බන්ධයෙන් කළ සමීක්ෂණ අනුව තහවුරු වී තිබෙන බව ද ඔහු පැවැසීය.
ඒ නිසා, මෙම හොර සුරාවලින් ජනතාව ගලවාගන්නට මෙම නව මත්පැන් බෝතලය හදුන්වාදෙන්නට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
උසස් තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතුව රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව මෙම මත්පැන් බෝතලය වෙළෙඳපොළට හදුන්වාදෙනන්නට සැලසුම් සකස් කර ඇති බව හෙතෙම කීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න