අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න