අමෙරිකාවේ ලැව් ගිනි පාලනයෙන් ගිලිහෙයි.!

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව ‘ශුන්‍ය’ බවත් වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර, මේ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇත.

මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ළැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

කෙසේ නමුත් ඉන් ළැව් ගිනි තුනක් සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති අතර, මේ හේතුවෙන් 137,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන ඇත.

පසුගිය අඟහරුවාදා ඇරඹුණු ළැව් ගින්න මේ වනතුරුම ඇවිලෙන්නේ නොනවතින සුළං ප්‍රවාහයත් සමගින්ය.

අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගින්න තවදුරටත් පැතිර යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු විය හැකි බවයි එම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 6,000කට අධික පිරිසකගේ නිවාස විනාශ වී ඇති බවට සඳහන් ය.

එසේම අතහැර දමා ගිය නිවාස කොල්ලකෑම් ද වාර්තා වන අතර, ඊට අදාළ පුද්ගලයින් 20 දෙනෙකු මේ වන විට එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් එම ලැව් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *