ඊයේ (19) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ විශේෂ ජන හමුවක් අමතමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ ආණ්ඩුව මේ වනවිට පැවති ගැටළුකාරී තත්වයන් සමනය කරගනිමින් ස්ථාවර වෙමින් පවතින බවයි.
එහිදී වත්මන් ආණ්ඩුව බලයට පත්වී ඉතාමත් කෙටි කාළයක් තුල ජයග්‍රහණය කළ අභියෝග සහ දේශපාලන සංස්තිය තුළ සිදුකර ඇති වෙනස්කම් පිළිබඳ කෙටි සමාලෝචනයක් සිදුකළ ජනපතිවරයා පසුගිය ජනපතිවරුන් විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් සිදුකළ විනාශකාරී වියදම් පිළිබඳවද කරුණු හෙළි කලේය.
එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
“සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි. එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා. පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා, හැටයි. තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ . හිටපු ජනපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නැහැ. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් ගෙයක් එපා කියලා. හැබැයි අනිත් අය නම් දෙන්නේ නැහැ.”
“මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරන්න යැව්වා. කීයක් වටිනවාද, තවම ඉඩම තක්සේරු කරලා නැහැ. ගේ විතරක් තක්සේරු කළා, තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නැහැ, බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන් . කුලිය දුන්නේ නැත්නම් එළියේ කරන්න ඕනේ, මේ රටක් හදන්න ඕනේ. රටේ ජනතාව රවටලා ඔවුන් මහජනයාගේ ධනයෙන් විරාජමානව වැජඹෙනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගෙනඑනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන විවාදයක් තියෙනවානේ. තව සතියක් දෙකකින් වෙන වැඩේ මං කියන්නම්. කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ, ඒක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නැහැ .”
ප්‍රතිචාරයක් ලබාදෙන්න