දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වල ඉන්න අයට පණිවුඩයක්.

දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය හෙට (22) මධ්‍යාහ්න 12.00 දක්වා තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිටත් තත්පරයට ඝණ අඩි 5,038ක තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බවය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *