නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස ක්ෂේත්‍රයේ පසුගිය කාලය තුළ සිදු වූ අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ නිලධාරීන් ඇතුළු වැරදිකරුවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ හා අක්‍රමිකතාවලින් තොරව රටට සේවය කරන්නේ නම් රාජ්‍ය නිලධාරීන් ද එලෙස කටයුතු කළ යුතු බවයි.
සෑම කෙනෙකුම ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද ඔහු පවසා ඇත.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස සම්බන්ධයෙන් සිදුවී ඇති අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වාදෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, වැඩිදුරටත් පවසන්නේ, යමෙක් වංචාවක් හෝ රාජ්‍ය මුදල් අවභාවිතයක් කර ඇති බවට මෙම පරීක්ෂණ මගින් අනාවරණය වුවහොත් ඔවුන් ඒ සඳහා වගකිව යුතු බවයි.
ඊට සම්බන්ධ රජයේ නිලධාරීන් හෝ වෙනත් ඕනෑම අයෙකු වේවා, ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ අතර ඊයේ පැවති සතිපතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ යහපාලන රජය 2015 – 2019 කාලසීමාව තුළ ආරම්භ කළ නිවාස යෝජනා ක්‍රමවල ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් බිලියන ගණනක් වැයකර ඇති බවයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න