ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්.!

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ප්‍රසන්න රණවීර අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය දුන් බව වාර්තා වේ.

මෙහිදී ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *