මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වාහනය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හිටපු සහකාර කොමසාරිස්වරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය මේ වනවිට ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කරයි.
මේ අතර, අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදුකරීම යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ, සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට පත්ව ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න